Wednesday, May 15, 2024

General line - 0115112241

චීනය ඉදිකරන්න හැදූ විශාලම ඉන්ධන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කරයි

චම්ලි ඒකනායක




මෙරට විශාලම තෙල් පිරිපහදුව ඉදිකිරීමට චීනය විසින් ඉදිරිපත් කරතිබූ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න උපුටා දක්වමින් රොයිටර් ප්‍රවෘත්ති සේවය පවසනවා.   චීනයේ ජාතික ඛනිජ තෙල් සංස්ථාව සතු China Huanqiu Contracting & Engineering Corp මෙම ව්‍යාපෘතියට අවසර ඉල්ලා තිබුණා. 

මුහුදු මාර්ගය ඉලක්ක කරගනිමින් හම්බන්තොට ආශ්‍රිතව මෙම පිරිපහදුව ඉදිකිරීමට යෝජනාවී තිබුණා. මෙමගින් වාර්ෂිකව පිරිපහදුකිරීමට නියමිතවූ ඉන්ධන ප්‍රමාණය ටොන් මිලියන 5ක්.

මෙම ව්‍යාපෘතියට අවසර ලබා දුන්නේ නම් දේශීය ව්‍යාපාර කෙරෙහි අසතුටුදායක ලෙස බලපෑමට හැකි බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා. මෙමගින් ශ්‍රී ලංකාව තුල ඉන්ධන සිල්ලර වෙලඳාමටද යෝජනා කර තිබුණා.