සයිටම් ගැටළුව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වර්තමාන කි‍්‍රයාකලාපය පිළිබද කිසිසේත් සෑහිමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියාසිටියේ අමාත්‍යවරයා දිගින් දිගටම රට හමුවේ අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ද මෙහිදි අදහස් පළ කළා.
සයිටම් ආයතනයේ උපාධි ප්රදානය කිරීම මෙන්ම සිසුන් බදවා ගැනීමද ගැසට් නිවේදනයක් මගින් වහාම අහෝසි කළයුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.