මෙරටින් හමුවූ දෙවන විශාලතම නීතිවිරෝධී විදෙස් මත්පැන් තොගය අද (04) සොයා ගැණුනා. ඒ, රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක තිබීයදීයි. එහි තිබී විදෙස් මත්පැන් බෝතල් 5,613 ක් සොයා ගැණුනා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. එහි වටිනාකම රුපියල් කෝටි4 1/4 ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
ඔහු මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ වැලිකඩ පොලිසියේ පැවති පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.