පළමු ශ්‍රේණිය සහ දෙවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉංගී‍්‍රසි පෙළපොත් දෙකක් ලබන වසරේ සිට අලූතින් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා. ඒ, නූතන ගෝලීය සමාජය ජයගත හැකි සිසු පරපුරක් බිහි කිරීම අරමුණු කර ගනිමින්. පාසල් තුළ ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම මෙහි අපේක්‍ෂාවයි.
ජාතික අධ්‍යාපන ආයතනය හරහා නව ඉංගී‍්‍රසි පෙළපොත් සම්පාදනය කිරීම දැනටමත් සිදු වනවා. මේ වනවිට ඉංගී‍්‍රසි භාෂාවට අදාළ පෙළපොත් ලබාදෙන්නේ තුන්වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සදහායි.