Tuesday, May 7, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේදී නවකයකුට ටෙස්ට් වරම්!




පාකිස්තානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී නවක කී‍්‍රඩකයින් වන රොෂේන් සිල්වා හෝ සදීර සමරවික‍්‍රමට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි වාර්තා වනවා. ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් දෙවන ටෙස්ට් තරගයටද සහභාගි නොවීම හේතුවෙන්. ඔහු පළමු ටෙස්ට් තරගයටද කී‍්‍රඩා කළේ නැහැ.

පළමු ටෙස්ට් තරගයට කැදවූ ලහිරු තිරිමාන්න හෝ කෞෂාල් සිල්වා වෙනුවට නවක කී‍්‍රඩකයෙකුට අවස්ථාව හිමිවනු ඇති බවයි පැවසෙන්නේ. ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්  ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පාකිස්තාන සංචාරයටද සහභාගි වුණේ නැහැ. 

ඒ අනුව ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මැතිව්ස්ට අහිමි වන 3 වන ටෙස්ට් තරගාවලිය මෙය වනු ඇති.