Friday, January 10, 2025

General line - 0115112241

රෝහින්ග්‍යා සරණාගතයන්ගේ සිද්ධියේදී පොලීසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විමර්ශනයක්




රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසක් මුල්කර ගනිමින් ගල්කිස්ස ප්‍රදේශයේ ඉකුත්දා ඇතිවූ කළහකාරී සිද්ධියේදී පොලීසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

, පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින්.

ඉකුත්දා ඇති වූ මෙම සිද්ධිය කුමන්ත්‍රණයක් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඊයේ (04) ප්‍රකාශ කළා.

එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්‍රසන්න කියා සිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු තම වැරදි වසං කිරිම සඳහා කුමන්ත්‍රණයක් කර ඇති බවයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවයි. පොලිස් නිලධාරින් විසින් සිය රාජකාරී පැහැර හැරිමක් සිදුකර ඇති ද යන්න පිළිබඳව සොයා බලන බවද ඔහු කියා සිටියා.

මේ අතර එම සිද්ධියේදී කළහකාරි ලෙස හැසිරුණු තවත් සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් පරීක්ෂණ සිදුකෙරෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ ඔවුන් මේ වනවිට පලාගොස් ඇති බවට තොරතුරු පවතින බවයි.

ගල්කිස්ස ප්‍රදේශයේ නිවාසයක රදවා සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසකට විරෝධය පළ කරමිනුයි ඉකුත්දා මෙම විරෝධතාව පැවැත්වුණේ. එහිදී ප්‍රදේශය ආශි්‍රතව උණුසුම් තත්ත්වයක් හටගත් අතර පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැණුනා.