Friday, January 10, 2025

General line - 0115112241

වප්පුර පසළොස්වක පොහොය අදයි




වප්පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙසටයි වප්පුර පසළොස්වක පොහොය සැලකෙන්නේ.

වප් පොහොයේ වැදගත්කම පිළිබද ඓතිහාසික දෙවනගල පිං බිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙලෙස කරුණු පැහැදිලි කළා.

සම්ම් සමබුදු පියානන් තවුතිසාවේ සිට සංකස්සපුර නවරට වැඬඹ කිරිම අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු අතර මෛත්‍රි බෝසතුන් වහන්ස පැවිදි වීම ද අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු බවයි පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් කියා සිටියේ.

වස් පවාරණය සිදුවන්නේද වප්පුර පසලොස්වක පොහොය දිනයේයි. එමෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් වන ජය ශ්‍රී මහා බොදීන් වහස්සේගේ අංකුරය තැන්පත් කිරිම ද අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු බවයි ඉතිහාස පොත පතේ සඳහන් වන්නේ.

මේ අතර වප්පුර පසළොස්වක පොහොයදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ අරලගංවිල විදුමිණ පිරිවෙන් විහාරස්ථානයේයි.

උදෑසන අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුව ශ්වේත පූජා වැඩසටහන ආරම්භ වුණා. ධර්ම දේශණා, ධර්ම සාකච්ඡා.

යුගාසන කාව්‍යම ධර්ම දේශණා සහ ආශිර්වාද බෝධි පූජාවද අද (05) දිනයේ සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.