විදේශ වත්කම් ඉහළ නැංවීමේදී දේශීය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවයක් දක්වමින් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ, 2017 ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
හස්ත කර්මාන්ත ශිල්පීන්ට රකෂණාවරණයක් හදුන්වාදීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ පිළිබඳ ඉදිරි කටයුතු සොයා බැලීමට අදාළ පාර්ශවයන්ට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හස්ත කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම්, සම්පත් හා වෙළද පොළ අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ ගැටලූ විසඳීමට වැඩි අවධානයක් යොමු කරන බවයි.