Friday, January 10, 2025

General line - 0115112241

අග්‍රාමාත්‍යවරයා ජර්මනියට

කටුනායක - කපිල




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

, පෞද්ගලික සංචාරයක් සඳහායි. ජර්මන් සංචාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ලබන 9 වනදා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහාද එක් වනවා.

ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කිරීම එහි ප්‍රධාන අරමුණයි. වෙළද, ආර්ථීක, කර්මාන්ත ආදී කේෂ්ත්‍රයන් තුළ නව සබෙඳතා ඇති කර ගැනීමද මෙමගින් අපේක‍ෂිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

සිය සංචාරය තුළදී අග්‍රාමාත්‍යවරයා ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් බලා අද (05) අලුයම 3.25 ට පමණ ,කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.  669 දරන යානයෙන් පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිව්ස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.