ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි අපේකෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත් මෙන්ම ගාල්ල, මාතර, බදුල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කද ඊට ඇතුළත්.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉදිරි දිනවලදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක්ද අපේකෂා කෙරෙනවා.
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩි විය හැකි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.