Friday, January 10, 2025

General line - 0115112241

රාත්‍රිය පුරා දෙපිරිස අතරේ ගැටුම්! කැළණිය සරසවියේ ආරක්ෂාව තර කෙරේ! (UPDATE)




කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, විශ්වවිද්‍යාල අභ්‍යන්තර පාලනාධිකාරිය විසින්. 

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලූ පීඨයන් දින නියමයක් නොමැතිව අද (05) වසා දැමුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශ ප‍්‍රධානී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ ඊයේ රාත‍්‍රියේ ආරම්භ වූ ගැටුම් අද උදැසන වනතුරුත් අවසන් නොවිම හේතුවෙන් විශ්වවිද්‍යාලය වසා දැමිමට තීරණය කළ බවයි. 

ඉදිරියේදි කැළණිය විශ්විද්‍යාලයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

 


 

 

--------------------------------------------------

කැලණිය විශ්ව විද්‍යාලය තාවකාලිකව වැසේ

05-10-2017 11:25

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියළුම පීඨ තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරීය තීරණය කර තිබෙනවා.

ඒ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන්.

සිසුන් දෙපිරිසගේ නායකයන් සමග පැවැති සාකච්ඡාව ව්‍යර්ථ වීමත් සමග පාලනාධිකාරිය මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුන් කරමින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව වෛද්‍ය පීඨ සිසුන් හැර අනෙකුත් අභ්‍යන්තර සියලු සිසුන්ට විශ්ව විද්‍යාල භුමිය තහනම් කලාපයක් වනු ඇති.

අද දහවල් 12 පෙර අභ්‍යන්තර සියලු සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙසයි පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ.