Sunday, May 19, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මිලට විදුලිය! විදුලි ඉංජිනේරුවන්ගේ විරෝධය!




ජාත්‍යන්තර තරගකාරි මිල ගණන් යටතේ කෙටි කාලීනව අතිරේක විදුලි ධාරිතාවක් මිල දී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට ශ‍්‍රී ලංකා විදුලි ඉංජිනේරු සංගමය විරෝධය පළ කරනවා. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ විදුලි ඉංජිනේරුවරුන් සකසන සැළසුම් නිසි පරිදී ක‍්‍රියාත්මක කරන්නේනම් මෙවැනි කෙටි කාලීන ක‍්‍රම වලට යොමු වීමට අවශ්‍ය නොවන බවයි. 

"මෙහෙම අධික වියදම් සහිත දේවල් කරන්නඕන නැහැ. ඉදිරි අවුරුදු 20 සඳහා අපි හදපු ලාභදායි සැලැස්මක් තිවෙයනව. එය අනුමත නොකරයි මේ දේ කරන්න හදන්නේ. අපි යෝජනා කළ අඩු වියදම් බලාගාර සහිත සැලැස්ම ප්‍රමාධ කරනව. ඒ සම්බන්ධයෙන් අපි වෘත්තීය සමිත ක්‍රියාමාර්ග පවා ගන්නවා."

පවතින නියං තත්ත්වය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා මෙගා වොට් සියයක අතිරේක විදුලි ධාරිතාවක් කෙටි කාලීනව ලබා ගැනීම සඳහා ඉකුත් දා කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව, ජාත්‍යන්තර ලංසු කැඳවීම් තුළින් තරගකාරී මිල ගණන් යටතේ කෙටි කාලීනව විදුලිය ලබා ගැනීමටයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.