Sunday, May 19, 2024

General line - 0115112241

ඇමති ගුරු සුබසාධනය ගැන කියද්දී ලෝක ගුරු දිනය සමරන්න ගුරුසංගමයක් විරෝධතාවයක!




ගුරුවරුන්ගේ සුබ සාධනය වෙනුවෙන් වත්මන් රජය විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක‍්‍රියාවට නංවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අද (06) ට යෙදෙන ගුරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ ගුරුවරුන් සිදු කරන මෙහෙයේ වටිනාකම සැමරීම එක් දිනකට පමණක් සීමා නොකළ යුතු බවයි.

ගුරුවරුන් වෙනුවෙන් විදෙස් පුහුණු අවස්ථා ලබා දීමට ද වත්මන් රජය පියවර ගෙන තිබෙනවා. ගුරු නේවාසිකාගාර, ගුරු පුහුණු මධ්‍යස්ථාන ද ඔවුන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකිරිමට පියවර ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අමාත්‍යවරයා එසේ පැවසුවද ලෝක ගුරු දිනයේදී ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් විරෝධතාවක නිරත වීමට ගුරු සංගම් කිහිපයක් තීරණය කර තිබෙනවා. එය සංවිධාන කරන්නේ ‘‘ගුරු - විදුහල්පති වෘත්තිය සමිති එකතුව‘‘යි.

එහි කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් පවසන්නේ "ගුරු සහ විදුහල්පති නව ව්‍යවස්ථාව 2014දී හඳුන්වා දුන්නා. අවුරුදු 03ක් වෙනව මේ වෙද්දි. තවම බැරිවුණා උසස්වීම් ටික හරියට හදල දෙන්න." බවයි.

ආණ්ඩුව ගුරුවරුන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කළ බව පැවසුවත් ඒවා ඵලදායි නොවන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.