Sunday, May 19, 2024

General line - 0115112241

ජපන් ගිය හිටපු ජනපතිට තානාපති වරප්‍රසාද නැතිලු! මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට චෝදනා කරයි




ජපානයේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තානාපති වරප‍්‍රසාද ලබා දී නොමැති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. මෙරට හිටපු ජනාධිපතිවරයෙකු කුමන හෝ රටක සංචාරය කරන අවස්ථාවලදී අදාළ රටේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔහුට අවශ්‍ය සියලූ වරප‍්‍රසාද ලබා දීම සාමාන්‍ය සිරිතක් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ පවසන්නේ.

එහෙත් හිටපු ජනාධිපතිවරයා ජපානයට පැමිණි අවස්ථාවේදි එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වගකිම් විරහිතව ක‍්‍රියා කර ඇති බවද ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයෙකුට හිමි එම වරප‍්‍රසාද විදෙස් රටක ලබා දීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වීම පිළිබඳ කණගාටුවන බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

ඒකාබද්ධ විපක්ෂය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ජපානයේ ශ‍්‍රි ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගෙන් විමසීමක් කළා. තමන් මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දුන්නද ඔවුන් ඊට ප‍්‍රතිචාරයක් නොදැක්වීම නිසා තමන් අදාල චක‍්‍රලේඛයට අනුව කටයුතු කළ බවයි ඔහු එහිදී කියා සිටියේ.