රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාම නිසා අහිතරකර ආර්ථික තත්ත්වයන් තවදුරටත් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙනවා. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 155.05ක් ලෙසයි. ඉකුත් 03 වනදා රුපියල් 154.93ක් ලෙස ඩොලරයක විකුණුම් අගය සටහන් වී තිබුණා.
දිගින් දිගටම රුපියල අවප‍්‍රමාණය හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද ඉදිරියේදී ඉහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥ අසන්ත සිරිමාන්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.