Monday, May 6, 2024

General line - 0115112241

අඩුමේද සහිත නව කිරිපිටි වර්ගයක් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම හඳුන්වා දෙයි




ක්‍රමයෙන් වියපත්වීම යනු ඔබට ඔබේ ජීවිතය උපරිමයෙන් විඳීමට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම නීරෝගී ජීවිතයකට උපකාරී විය හැකි නව කිරිපිටි වර්ගයක් හඳුන්වා  තිබෙනවා.

එය නමින් ඇන්කර් ලයිෆ් ලෙසයි ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම වෙළඳපලට හඳුන්වාදී තිබෙන්නේ.

මෙම නව කිරිපිටි වර්ගය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීම ඉලක්කකරගත්, ශාකස්ටෙරෝල් (Plant Sterols) සහිත නීරෝගීමත් ජීවිතයකට උපකාරී විය හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම අඩුමේද කිරිපිටි වර්ගය මෙය වීම විශේෂිතයි.

මෙය ඇන්කර් නිෂ්පාදන බෙදාහරින ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම තවත් පෙරළිකාරී පියවරක්  ලෙස හැඳින්විය හැකියි.