Friday, September 20, 2024

General line - 0115112241

රණවිරු සුබසාධනය පුළුල් කරනවා




මාතෘ භූමියේ ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් කෙරෙන සුබසාධන වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රණවිරු නිවාස වැඩපිළිවෙල එහි එක් අදියරක් බවයි. ආරක්‍ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ ඊයේ (20) පස්වරුවේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

වෙරළ සංරක්‍ෂණය වෙනුවෙන් නාවික හමුදාව සිදු කරන වැඩසටහන් පිළිබදවද මෙහිදී අවධානය යොමු වුණා. පරිසර අමාත්‍යාංශය, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යාංශයද එක්ව නව ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.