Friday, September 20, 2024

General line - 0115112241

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව අද නම් කෙරේ




ශී‍්‍ර ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස අද (21) ප‍්‍රකාශයට පත් කෙරෙනවා. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන විශේෂ උත්සවයකදීයි.

ඒ අනුව අග්නිදිග ආසියාතික කලාපයේ බරවා රෝගය තුරන් කළ දෙවන රට ලෙස ශී‍්‍ර ලංකාව පත් වනවා.

මෙම කලාපයේ බරවා රෝගය තුරන් කළ අනිත් රට වන්නේ මාලදිවයිනයි. කිසියම් රටක් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස සැලකීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සලකා බලන නිර්ණායක පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මෙලෙස පැහැදිලි කළා.

“රටක ක්‍ෂුද්‍ර පරපෝෂිතතාවය සියයට එකට (01%) වඩා අඩු නම් ඒ රට බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්වචනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය දශම බිංදුවයි තුනක් ලෙසයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ වසර ගණනාවක සිට මේ තත්ත්වය පැවතුනා. දැනට ලෝකයේ රටවල් 72 ක බරවා රෝගය ගැටළුවක් වී පවතිනවා. බරවා රෝගීන්ගෙන් තුනෙන් එකක් වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.”