Saturday, January 11, 2025

General line - 0115112241

"භේදබින්න දුරු කරන්න දීපවාලියේ ඉගැන්වීම අප සැමටම කියාදෙනවා"




මනුෂ්‍යත්වය රජවී සාමය සමාදානය උදාවී මිනිසා සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීම පිණිසම නොව අන්‍යන්ගේ යහපත කෙරෙහිද අවධානය යොමුකළ යුතුයි යන්න දීපවාලියේ ඉගැන්වීම බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, පී‍්‍රතිමත් හා සාමකාමී දීපවාලී දිනයක් පතමින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.

භේදබින්නවීමට දහසක් හේතු මතුවෙද්දී වුවද ස්වකීය සිත් සතන්හි ප‍්‍රඥාලෝකය දුරුකර නොගෙන එක්සත්ව, සාමයෙන් හා සමගියෙන් දිවි ගෙවීම අප සැමගේ වගකීමක් බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.