Monday, April 29, 2024

General line - 0115112241

රුපියල් කෝටි දෙකක ගංජා (PHOTOS)

හේමන්ත කහවලගේ




වත්තලදී සිය භාරයට ගැණුනු කිලෝ 137 යි ග‍්‍රෑම් 228 ක කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වැටලීම සිදුකරනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.

එහි වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවයි පැවසෙන්නේ.

කේරළ ගංජා තොගය සොයා ගැනුණේ වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදීයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැණුනා. ඔවුන් වැල්ලම්පිටිය හා තලෙයිමන්නාර යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.