ඉදිරි දෙවසර තුළ රුපියල් කෝටි ලක්ෂ 3ක ණය ප‍්‍රමාණයක් ගෙවීමට රජයට සිදුව ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. එම ණය ප‍්‍රමාණය ගෙවීමේ ක‍්‍රමවේදය නොවැම්බර් මස 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ලේඛනය මගින් රටට හෙළිකරනු ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා කියාසිටියේ.
කොපමණණ ආර්ථික අපහසුතා පැවැතියද එම අභියෝග හමුවේ ආණ්ඩුව පලානොයන බව අවධාරණය කළ අග‍්‍රාමාත්‍යවරයා රට සංවර්ධනය කරා යන ගමන වේගවත් කරමින් එම ණය ගෙවාදැමීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ උපදෙස් අනුව නාත්තණ්ඩිය මානිංගල ප‍්‍රදේශයේ ඉදිවූ ‘අශෝකපුර’ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අද (18) එක්වෙමින්. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළා.