අනුරාධපුර බන්ධනාගාර රෝහලේ උපවාසයක නිරත වන හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තිදෙනා වෛද්‍ය පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව අද (18) දිනයේ එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පසුගිය 27 වෙනිදා සිට දියර වර්ග පමණක් පානය කරමින් මෙම සැකකරුවන් උපවාසයේ නිරත වනවා. එලෙස දින ගණනාවක් තිස්සේ උපවාසයේ යෙදී සිටීම හේතුවෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ සොයාබැලීම සඳහා මෙම පරීක්ෂණය සිදුකර ඇති බවයි පැවසෙන්නේ. තමන්ට එරෙහිව විභාග වන නඩු කඩිනමින් අවසන් කරන්නැයි බල කරමින් මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනා උපවාසයේ නිරතවනවා.