මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරිස් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් එම සමාගම ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 15 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින නියම කළා.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අර්ජුන ඇලෝසියස් අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියා.
සාධාරණ පරීක්ෂණයකින් තොරව තම සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් එම තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම පෙත්සම අද දින අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබුණා.
මෙම පෙත්සම මගින් ශ්‍රී ලංකා බැංකුවේ අධිපතිවරයා, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් වගඋත්තරකරුවන් ලෙසට නම් කොට තිබෙනවා.