Saturday, January 11, 2025

General line - 0115112241

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඇප (UPDATE)




කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ, ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද භාරවීමෙන් අනතුරුවයි. රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප 02ක් මත ඔහු මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි නියෝග කළේ.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ තොරතුරු සැ`ගවීම සම්බන්ධයෙන් හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට චෝදනා එල්ල වී තිබුණා. 

------------------------------------------

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි භාර වෙයි

19-10-2017 13:32

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබෙනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස මොහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පසුගිය දිනයක දැනුම් දී තිබුණා. ඒ අදාළ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තොරතුරු වසන් කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමගයි.