ජා ඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස වෙනත් කෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා පවසනවා.
ජා ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් සංවිධායකවරයා තමන් බවයි ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියේ. ඒ, තමන්ට ලද පත්වීම් ලිපියක්ද ගෙනහැර දක්වමින්.
තමන් ආරම්භ කළ කටයුතු අඛණ්ඩව සිදුකරන බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මෙහිදී වැඩි දුරටත් කියාසිටියා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන, ජා ඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි කියාසිටියේ.
කෙසේවෙතත් මේ දිනවල විදෙස්ගතව සිටීම හේතුවෙන් අදාළ පත්වීම් ලිපිය තවමත් ඔහු වෙත ලබාදී නොමැති බවද වාර්තා වුණා.