Sunday, April 28, 2024

General line - 0115112241

දුම්රිය සේවකයින් සහ බලධාරීන් සාකච්ඡාවක! හෙට වර්ජන ගැන තීන්දුව අනතුරුව (UPDATE)

සජිත් තිලකරත්න




අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට සැළසුම් කර ඇති දුම්රිය වෘත්තිය සමතිවලට අද පෙරවරුවේ සාකච්ඡාවක් ලබා දී ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. එම සාකච්ඡාවෙන් පසු වර්ජනය පිලිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දුම්රිය සේවකයින්ගේ මෙම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය අසාධාරණ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  වැටුප් ගැටලූවක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමටයි දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇත්තේ.
 

--------------------------------------

අගමැති ලේකම් දුන් පොරොන්දු තවම නැහැ! හෙට සිට දුම්රිය යළි නවතී?

19-10-2017 14:58

යළි වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. ඒ හෙට (20) මධ්‍යම රාත‍්‍රියේ සිටය.

 ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමයේ සභාපති ලාල් පරණවිතාන සඳහන් කළේ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදී සිය වැටුප් ගැටලූ විඳීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි. එම ගැටලූවලට හෙට (20) දිනය වනවිට විසඳුමක් ලබා නොදුනහොත් හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.