වයස අවුරුදු 13ක පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ තිදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (19) බරපතල වැඩ සහිත වසර 36ක සිර දඬුවම් නියම කළා.
එමෙන්ම විත්තිකරුට රුපියල් හතළිස් පන්දහසක දඩයක් මෙන්ම අදාළ දරුවාට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවන ලෙසයි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළේ. එම මුදල නොගෙවන්නේනම් සැකකරුට තවත් වසර 06ක සිර දඬුවමක් නියම වන බව විනිසුරුවරයා කියා සිටියා.
මෙම අපයෝජනය සිදුව ඇත්තේ 2002 වසරේ මැයි මාසයේදියි.