ග්රාම නිලධාරිවරියක අතවර කිරීමේ චෝදනාවට ලක් වූ රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල සෙනරත් දිසානායකගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඊයේ සිට බලපැවැත්වෙන පරිදී ඔහුගේ සේවය අතහිටුවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
පොලිස් පරීක්ෂක කපිල සෙනරත් දිසානායක උඩුදුම්බර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටියදී පසුගිය අපේ‍්‍රල් මස 09වනදා හෝ ඊට ආසන්න දිනකදී අදාළ ග‍්‍රාම නිලධාරිවරිය දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබුණා.