Saturday, January 11, 2025

General line - 0115112241

ජේ.ආර්ගේ මුණුබුරා මෛත්‍රීගේ ආශිර්වාදයෙන් දේශපාලනයට

නවෝද්‍යා පෙරේරා




ශ‍්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන දේශපාලනයට පිවිසිමට තීරණය කර තිබෙනවා.

කොළඹදී ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවයි.  

නව ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් නොයෙක් ගැටළු ඇතිවිය හැකි බැවින් එවැන්නක් මේ අවස්ථාවේ අවශ්‍ය නොවන බවයි ඔහු පවසන්නේ. එක්සත් ජාතික පක්ෂය විසින් මෙවැන්නක් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් ඇතැයිද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස 2016 අප්‍රේල් 28දාසිට කටයුතු කරනවා. ඔහුට එම ධූරය පිරිනැමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. ඔහු ඊට පෙර ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළා.