Saturday, April 27, 2024

General line - 0115112241

වැස්ස තව වැඩිවෙයි! රත්නපුරට අනතුරු අඟවයි




පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට සහ ඇහැළියගොඩ ප‍්‍රාදේශිය ලේකම් කෙටිඨාසවලට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ එම ප‍්‍රදේශයේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර, දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 
දිවයින වටා මුහුදු ප‍්‍රදේශ තරමක් රළු විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.