කොළඹ නුවර මාර්ගයේ කඩවත පොලිසිය අසල ජල නලයක් පුපුරා යාම හේතුවෙන් ප්රදේශ කිහිපයක ජලසම්පාදනය අඩාල වී තිබෙනවා.
අලුත් වැඩියා කටයුතු හේතුවෙන් නුවර කොළඹ මාර්ගය දෙපස, කඩවත, කිරිබත්ගොඩ, පුෂ්පාරාමපාර, ගණේමුල්ල පාර, රාගම පාර හා ගෝණහේන පාර ජල පාරිභෝගයින්ට අද රාත්රී 09.00 තෙක් ජල සම්පාදනය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.
-----------------------------------------------------
කොළඹ නුවර මාර්ගයේ ගමනාගමනයට බාධා
20-10-2017 07:56
ජල නලයක් පුපුරා යාම හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා. කඩවත පොලිසිය අසල ස්ථානයක මෙම නලය පුපුරා ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ කඩවත ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබෙනවා. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා