Sunday, April 28, 2024

General line - 0115112241

 පරිසර දූෂණය නිසා මිලියන 9ක් ජනතාව වාර්ෂිකව මියයයි




ලොව පරිසර දූෂණයෙන් වැඩිම පිරිසක් මියයන්නේ ඉන්දියාවේ බව ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්දියාවේ වාර්ෂිකව පුද්ගලයන් මිලියන 2.5 ක් පමණ මියයන බවයි අනාවරණ වී ඇත්තේ.

පරිසර දූෂණය හේතුවෙන් ලොව වැඩිම පිරිසක් මියගොස් ඇති රට ලෙසයි ඉන්දියාව සැලකෙන්නේ.

මේ අතර පරිසර දූෂණය හේතුවෙන් ලොව පුරා මිලියන 9ක් ජනතාව වාර්ෂිකව මියයන බවද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

චීනයේ පමණක් පරිසර දූෂණය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 1.8ක් වනවා.

පරිසර දූෂණය නිසා සිදුවන එම මරණවලින් බහුතරයක් වාර්තා වන්නේ තුන්වන ලෝකයේ රටවලින්.