Sunday, April 28, 2024

General line - 0115112241

තායිවාන් බැංකු කොල්ලයට සම්බන්ධ තවත් අයෙක් ලක්ෂ 30ක් සමග CIDයට බාර වෙයි




තායිවානයේ බැංකු වංචාවට සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (19) බාර වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකුගේ ඥාතියෙකු බව පැවසෙන අදාළ සැකකරු රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් ද අපාරධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ෆා ඊස්ටන් බැංකුවේ දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලක් වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.