Sunday, April 28, 2024

General line - 0115112241

උභය විහාර ප්‍රකාශයට ආණ්ඩුව වගකිව යුතුයි! අණ්ඩුවේම කෙනෙක් කියයි!

සජිත් තිලකරත්න




මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මහා සංඝරත්නය විසින් එවැනි ප‍්‍රකාශයක් කළේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේ නිසි ලෙස දැනුවත් නොකිරිම හේතුවෙන් බවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා විසින් මහා සංඝරත්නය දැනුවත් කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා කැඳවීමට තීරණය කර ඇති බවයි.