Sunday, April 28, 2024

General line - 0115112241

ලාහෝර් සටනට කැඳවීමට හදන 'ශ්‍රී ලංකා පිතිකරුවා කොදෙව් දේශයේදී' ඊයේ පෙන්නූ දස්කම




බටහිර ඉන්දීය කොදෙව් එ් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සිවුදින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට (102)දසුන් ශානක ඊයේ (19) සමත් වුණා. 

දසුන් ශානක ඉදිරියේ පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 අවසන් තරගයට ද කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම පළමු ඉනිම සදහා මෙහිදී ලකුණුු 294ක් රැස් කළ අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 73ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. 

ඊයේ දිනය නිමා වන විට පළමු ඉනිම කී‍්‍රඩා කරන කොදෙව් එ් කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 14ක් ලබා සිටියා. 

ශී‍්‍ර ලංකා පළමු ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 41ක් සහ රොෂේන් සිල්වා ලකුණු 30ක් රැස් කළා. 


කොදෙව් පළමු ඉනිමේ දැවී ගිය කඩුලූ දෙක දවා ගත්තේ ෂෙහාන් ජයසූරිය සහ මලින්ද පුෂ්පකුමාර විසින්. 

ජැමෙයිකාවේදී පැවැත්වෙන මෙම තරගයේ අද දෙවන දිනයයි. දෙරට අතර පැවති පළමු සිවුදින තරගය ඉනිමකින් සහ ලකුණු 13කින් ජය ගත්තේ කොදෙව් එ් කණ්ඩායමයි.