Sunday, April 28, 2024

General line - 0115112241

තිසරගේ කරමතට නායකත්වයේ ඔටුන්න? - අද තීරණය ලැබෙන ලකුණු 

කසුන් කැලුම් - සාජා සිට




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලාහෝර් නුවර පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබෙනවා. 

කී‍්‍රඩකයින් මෙම තරගයට සහභාගි කරවීමට පෙර ස්වාධීනව යළි සොයා බැලීමක් සිදු කරන ලෙසයි එම සංගමය මෙම ලිපියෙන් ඉල්ලා ඇත්තේ. 

ලබන 23 වැනිදා ඒ සඳහා  සාකච්ඡා කිරීමටද කි‍්‍රකට් ආයතනය කැමැත්ත පළ කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයින්ගේ සංගමයේ ලේකම් කෙන් ද අල්විස් ප‍්‍රකාශ කළේ. 

පාකිස්ථාන  කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලිය එක්වන ශී‍්‍ර ලංකා සංචිතය අද (20)ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. 

තිසර පෙරේරාට එහි නායකත්වය හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.