Sunday, April 28, 2024

General line - 0115112241

මහින්දගේ නිවසට ඇතුලු වූ පුද්ගලයා තවදුරටත් රිමාන්ඩ්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම ප්‍රදේශයේ පිහිටි නිවසට තහනම් පිහියක් ද ඇතැතිව අයුතු ලෙස ඇතුලූවීමට තැත්කළ සැකකාර තරුණයා ඔක්තොම්බර් මස 30 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බංඩාර මහතා අද (20) නියෝග කළේය.


සැකකරු අද (20) දින බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරනයට ඉදිරිපත් කර නොතිබුණු බැවින් මීලඟ දින ඔහු අධිකරනයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ බව සඳහන්.


මෙම සැකකරු මානසික රෝගියකු බවට වෛද්‍ය වාර්තාවකින් බන්ධනාගාර නිළධාරීන් මීට පෙර අධිකරනයට කරුණු වාර්තා වුණා.

ඒ අනූව සැකකරුට බන්ධනාගාරය හරහා මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.