Sunday, April 28, 2024

General line - 0115112241

ට්‍රම්ප් පාඩමක් ඉගෙන ගන්නේ උතුරු කොරියාවෙන්.. හිලරි මේ ගැන කිව්වේ දකුණු කොරියාවේ දී




උතුරු කොරියාවට තර්ජනය කිරිමෙන් අමෙරිකාව මෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳ පාඩමක් ඉගෙන ගන්නා බව අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලර් ක්ලීන්ටන් පවසනවා.

ලොව රටවල විරෝධය හමුවේ උතුරු කොරියාව දිගින් දිගටම සිය න්‍යෂ්ඨික අත් හදා බැලීම් සිදුකරනු ලබනවා.

එය ඉවසා ගත නොහැකි අමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව යුද්ධ කිරිමට සූදානම් වන බවත් ඉන් කුපිත වී ඇති උතුරු කොරියාව අමෙරිකාව ඉළක්ක කර ගනිමින් සිටින බවත් හිලරි ක්ලීන්ටන් පවසා තිබෙනවා.

එමෙන්ම දෙරට නායකයින් නිරන්තරයෙන් ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර එල්ල කර ගන්නා බව පෙන්වා දුන් ඇය උතුරු කොරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරිම ඒ තරම් සුදුදු නොවන බවත් සඳහක් කළා.

දකුණු කොරියාවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලීන්ටන් මේ බව කියා සිටියා.

උතුරු කොරියාව සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර නොදක්වා කල්පනාවෙන් ක්‍රියා කළ යුතු බවත් ඇය අවධාරණය කර සිටියා.