Saturday, April 27, 2024

General line - 0115112241

හෙට සිට බත්තරමුල්ල මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි




වැලිකඩ හංදියේ සිට බත්තරමුල්ල මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

 

ඒ වැලිකඩ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන්.

 

ඒ අනුව හෙට(21) සිට 23 වන දා දක්වා තාවකාලිකව මෙම මාර්ගයේ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

 

බත්තඑමුල්ල ප්‍රදේශයට ඇතුල් වන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා තිබෙන්නේ.

 

විකල්ප මාර්ගයක් වශයෙන් කොටා පාර ඔස්සේ පාලම මඟ හරවා බුත්ගමුව මාර්ගයෙන් බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකි බව ද පොලීසිය දන්වා සිටියා.

 

මේ අතර ගුවන් පාලම මැදින් ගමන් කරනු ලබන අමතර මංතීරුව ද 23 වන දා සිට පාලමේ වැඩ කටයුතු අවසන් වන තුරු වාහන ගමනා ගමනය සීමා කර බව සඳහන්.