නීතිවිරෝධීව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තමන් වගකීමක් නොදරණ බව රජය පවසනවා.
විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නවතම ඇස්තමේන්තුවලට අනුව විදේශයන්හි රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන් ගණන ලකෂ 15 ක් පමණ බවයි.
ඔවුන්ගෙන් ඇතැම් අය වලංගු වීසා කාලය ඉක්මවා එම රටවල රැඳී සිටින්නන් හෝ නීත්‍යානුකූල සේවා ස්ථානයෙන් පැනගොස් නීතිවිරෝධිව සේවය කරන්නන් බවද නවතම අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් එලෙස නීතිවිරෝධිව රැඳී සිටින්නේ දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ සයිප්‍රසය යන රටවල බවද සඳහන්.
නීතිවිරෝධීව විදේශයන්හි රැදි සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී විවිධ වැරදි සම්බන්ධයෙන් දඩුවමට ලක්වූ අවස්ථා සහ අනතුරුවලට ලක්ව රෝහල්ගත කෙරුණු අවස්ථා පිළිබඳවද වාර්තා වී ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවා.
එහෙත් ඔවුන් සම්බන්ධයෙන් මැදිහත්වීමට රජයට නොහැකි බවයි අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිඛෙන්නේ.
මේ අනුව තම ඥාතියෙකු හෝ හිතවතෙකු මේ වනවිටත් කිසියම් විදේශීය රටක නීතිවිරෝධීව රැඳී සිටින්නේ නම් ඔවුන් හැකි පමණ ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි විදේශ රැකියා අමාත්‍යාංශය ඉල්ලීමක්ද කරනවා.