නිල කාලය ඉකුත්දා අවසන් වූ සබරගමුව පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන හා සමාජ සේවා අමාත්‍යවරයා වූ රංජිත් බණ්ඩාර අද (20) පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.
සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පකෂයෙන් තමන් ඉවත් වන බවයි.
වත්මන් ආණ්ඩුවේ කටයුතු අනුමත කළ නොහැකි බවද ඒ නිසා මෙම තීරණයට එළැඹි බවද හිටපු අමාත්‍යවරයා පැවසුවා.
තමන් සමග රත්නපුර නගර සභාවේ, රත්නපුර ප්‍රාදේශීය සභාවේ සහ කුරුවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයන් තිස් දෙනෙකු පමණ ද පොදුජන පෙරමුණට එක්වන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.