පසුගිය දා අලුත්ගම ධර්ගා නගරයේ නවතා තිබූ වෑන් රථයක තිබූ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති රත්රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ,බොරැල්ල ප්රදේශයේදී.
උකස් කර ඇති රත්රන් භාණ්ඩ බේරාදී මුදලට ලබාගන්නා පිරිසක් වෑන් රථය නවතා තිබූ අවස්ථාවේ සොරකම කරන ආකාරය පසුගිය දා CCTV කැමරාවක සටහන්ව තිබූ අතර එම දර්ශන nethnews.lk වෙබ් අඩවියේ පළ කෙරුණා.
හෙට්ටිවීදිය ප්රදේශයේ වෙළඳසැල් සඳහා එම භාණ්ඩ අලෙවි කර ඇති ඔහු ඉන් රුපියල් දෙලක්ෂ හැත්තෑපන් දහසක මුදලකින් මත්කුඩු පානය කර තිබෙනවා.
අපරාධ රැසකට සම්බන්ධ ඔහු වාහනවල දොර හැරීම සඳහා භාවිතා කරන උපකරණ නිවසේ දේව පිළිමය ඉදිරියේ තබා තිබියදී පොලිසියට හසුවුණා.
සොරාගත් රත්රන් භාණ්ඩ සහ CCTV කැමරාවක සටහන්ව තිබූ වීඩියෝව පහතින් දැක්වෙනවා.