Sunday, January 12, 2025

General line - 0115112241

පෞද්ගලික මූල්‍ය ආයතන සමග ගණුදෙණුවලින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් නව ව්‍යාපෘතියක්




පෞද්ගලික මූල්‍ය ආයතන සමග ගණුදෙණුවලින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සදහා දීපව්‍යාප්ත ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට අද (20) සහභාගි වෙමින්.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වුණා.

ආර්ථීක අභියෝග ජය ගැනීමට නම් සියලූ පාර්ශව එක්සත්ව ක්‍රියා කළයුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඔහු කියා සිටියේ නියඟය හා ගංවතුර හේතුවෙන් විශාල වශයෙන් මෙරට ආර්ථිකයට අලාභයක් ඇති වූ බවයි.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරුණේද දිළිදුකම ශී්‍ර ලංකාවෙන් තුරන් කිරීමේ අපේක‍ෂාවෙන්. 2030 වසර වනවිට ශී්‍ර ලංකාව දිළි`දුකමින් තොර රටක් බවට පත් කිරීම මෙහි ඉලක්කය වී තිබෙනවා.