වසර 2025 වනවිට ශ්‍රී ලංකාව පොහොසත් රටක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ රජයේ ඉදිරි ආර්ථීක ප්‍රතිපත්තිය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද (20) කරුණු දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ හැකියාවෙන් ශක්තියෙන් ධෛර්යයෙන් ඉදිරියට යන්නට උනන්දු අය සඳහා විශේෂ ආර්ථික වැඩපිළිවෙළක් 2018 අයවැය යෝජනාවලින් මගින් ක්‍රියාවට නංවන බවයි.
ණය කළමණාකරණය සදහා රජය කටයුතු කරන ආකාරය ද මෙහිදි විස්තර කෙරුණා. රට ණ්ය බරින් නිදහස් කර ගැනීම සඳහා 2018 සහ 2019 වර්ෂවල දී එම ණය බර සීමා කර ගැනීම සම්බන්ධයෙන් ද පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
වසර තුනක් ඇතුළත සපුරා ගැනීමට අපේකෂිත ආර්ථීක ඉලක්ක කිහිපයක්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (20) හෙළි කළා.
වාර්ෂික ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් පන්දහසක් දක්වා වැඩි කර ගැනීම ඒවායින් එක් ඉලක්කයක්.
වාර්ෂික ඍජු විදේශ ආයෝජන අමෙරිකානු ඩොලර් බිලියන 5 ක් දක්වා ඉහළ නැංවීමටද ඉලක්ක කර තිබෙනවා.
වාර්ෂික අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 20 ක් දක්වා වැඩි කිරීම තවත් ඉලක්කයක්.
කෙසේ වෙතත් රජයේ ඉදිරි ආර්ථීක ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කෙරුණා.
අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේ රැකියා දස ලකෂයක් අලූතින් උත්පාදනය කිරීමේ ඉලක්කය ඉදිරි වසර 3 ඇතුළත සපුරා ගැනීමට කටයුතු කරන බවයි.
දැනට රැකියා නිරත තැනැත්තන්ගේ රැකියා සුරකෂිත කිරීමටද කටයුතු කර බව මෙහිදී කියා සිටියා.
වාර්ෂික ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් පන්දහසක් දක්වා වැඩි කර ගැනීමද වසර 3 ක් ඇතුළත සපුරා ගැනීමට අපේකෂිත තවත් ඉලක්කයක්.
මේ අතර වල් ඌරන් සහ මිනිසුන් අතර ඇති විය හැකි ගැටුම් පිළිබඳවද පාර්ලිමේන්තුවේදී අද (20) සංවාදයක් ඇති වුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන විමසූ ප්‍රශ්නයකට අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ලබාදුන් පිළිතුරකදීයි.