සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ශ්‍රේණි කිහිපයක වෘත්තිකයන් ලබන 26 වනදා වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමන් රත්නප‍්‍රිය පැවසුවේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, පරිපූරක සේවා නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් ඊට එක්වන බවයි.
පිළිගත් පටිපාටීන් උල්ලංඝණය කරමින් රාජ්‍ය සේවයේ ඇතැම් ක්ෂේත‍්‍රවල පමණක් වැටුප් වැඩි කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය කැඳවා ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ඉදිරි දින කිහිපය ඇතුළත හෝ සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණහොත් කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳ නැවත සළකා බැලිය හැකි බවද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කිියා සිටියා.