හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිණිගත්හේන ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගණිගත්හේන සහ කලුගල්ල ගමනාගමනයට බාධා ඇතිව තිබෙනවා.
විකල්ප මාර්ග භාවිත කරන්නැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. උදෑසන 8.00 පමණ වනවිය මාර්ගය යථාතත්ත්වයට පත්කළ හැකි වනු ඇතැයිද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.