නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳ මහජනතාව සමග සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ එකඟතාවක් ඇති කරගත යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ මහනුවර ප‍්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (20) පස්වරුවේ පැවති උත්සවයකදීයි.
පාර්ලිමේන්තුවේ එකඟතාවක් ඇති කරගැනීමෙන් පසු මහ නායක හිමිවරුන් ද අදාල කරුණු සම්බන්ධයෙන් දැනුවත් කරන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් මෙතෙක් සකසා නැති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.