Saturday, May 4, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ දේවස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර




ඇෆ්ගනිස්ථානයේ දේවස්ථාන දෙකකට ඊයේ (20) රාත‍්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල වී තිබෙනවා. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන් සංඛාව 60ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාබුල් අගනුවර දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වීමට පෙර තුවක්කුකරුවෙකු පැමිණ වෙඩි ප‍්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා. බැතිමතුන් 39 දෙනෙකු එහිදී මිය ගොස් ඇති බවයි එරට ආරක්ෂක අංශ නිවේදනය කළේ.

ඝෝර් පළාතේ සුන්නි දේවස්ථානයට එල්ල වූ අනෙක් ප‍්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 20 දෙනෙක්.

ප‍්‍රහාරයේ වගකීම අයි එස් ත‍්‍රස්ත කණ්ඩායහම විසින් භාර ගෙන තිබෙනවා. ගත වු සතිය තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුවූ  බෝම්බ ප‍්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 174ක්.