ආකාශ වස්තුවක කොටසක් බවට සැකකෙරෙන ද්‍රව්‍යයක් දික්වැල්ල වලස්ගල ඇල්ලකපුගේ වත්ත ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. නිවසක වහලය මත තිබි මෙම ද්‍රව්‍ය හමුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. නිවැසියන් කළ දැනුම් දීමකට අනුව පොලිසිය ද අද (21) පෙරවරුවේ අදාළ නිවසට ගොස් මෙම ද්‍රව්‍ය පරීක්ෂා කර තිබෙනවා. එය අඟල් එකහමාර - එකහමාර ප්‍රමාණයේ කළු පැහැති එකක් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
ඉකුත් 18 වනදා ආගන්තුක එළියක් නිරීක්ෂණය වූ අවස්ථාවේ සිය නිවසේ වහලය මතට කිසියම් ද්‍රව්‍යයක් වැටෙනු ශ්‍රවණය වූ බව අදාළ නිවැසියන් කියා සිටියා. ඔවුන් වහලය පරීක්ෂා කර ඇත්තේ ඒ අනුවයි. හමුවූ සැක සහිත ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ සඳහා පර්යේෂණ ආයතන වෙත භාර දීමට නියමිතව තිබෙනවා.