රට හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීමට දැනුම සහ අත්දැකීම් තුළ සාමුහික වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා උගතුන්ට සහ බුද්ධිමතුන්ට ආරාධනා කරනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ සියලූ වගකීම් දේශපාලඥයන්ට පැවරෙන බවට සමාජයේ පවතින මතය නිවැරදි වියයුතු බවයි.
උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාම සංවර්ධන ක්රියාවලියේදී බරපතල ගැටලූවක් වී ඇති බවද මෙහිදී ප්රකාශ කෙරුණා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල ප්රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්.